ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාම හේතුවෙන් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජුනි 15 වනදා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එහිදී ඖෂධවල මිල 16%කින් අඩු කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.
