
ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන “ලෝවි“ ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් 19 වෛරසය සාර්ථකව කළමනාකරණය කිරීමට සමත් වූ රටවල් අතරින් 10 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
රටවල් 98 ක් යොදා ගනිමින් එම සමීක්ෂණය සිදුකර ඇති අතර එහි පළමු ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්තයයි.
ශ්‍රේණිගත කිරීම සඳහා එක් එක් රටක හමුවී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන, තහවුරු වූ කොවිඩ් ආසාදිත මරණ සහ ආසාදිතයින් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ වල කාර්යක්ෂමතාව යොදා ගෙන තිබේ.