61 views 0 secs 0 comments

පළාත් පාලන මැතිවරණයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්…

In Local News
May 05, 2025

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද (මැයි 05) උදෑසන ආරම්භ වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළට අනුව දිවයින පුරා විශාල පොලිස් බලකායක් යොදවන ලදී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, සම්පූර්ණ දිවයින පුරා ජංගම මුර සංචාර 3,216ක් ක්‍රියාත්මක වන අතර, ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 65,000ක් බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අවශ්‍යතාවයක් පවතීනම් යුද හමුදා සාමාජිකයින්ගේ සහයද ලබා ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.