163 views 0 secs 0 comments

රැට්ටා ඇප මත මුදා හැරේ…

In Local News
August 02, 2022

ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ, අත්අඩංගුවට පත් රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇපමත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

පසුගිය මැයි මස 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණා.