වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ පාසල් 16ක් තාවකාලිකව වසා දමා තිබේ.
කිලිනොච්චිය පාසල් 8ක්, වව්නියාවේ එක් පාසලක් හා මුලතිව් පාසල් 7ක් මෙලෙස තාවකාලිකව වසා දමා ඇති බවත්, කාලගුණ තත්ත්වය යහපත් වූ පසු නැවත පාසල් ආරම්භ කිරීමට නියමිත බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කර සිටියා.
