සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති පත් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇඈති අතර ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට අමතරව අමාත්‍යවරයා විසින් මෙම සභාපති ධුරයේ කටයුතු ද ජනක ධර්මකීර්ති වෙත පවරා ඇත.
නව සභාපතිවරයා අද 18 සිට වැඩ භාර ගත් අතර සමාගමේ සේවක අතෘප්තිය වැඩිවීම සහ මිල්කෝ සමාගමේ නිෂ්පාදන ඵලදායිතාව අඩුවීම සැලකිල්ලට ගෙන මෙම පත්කිරීම සිදුකරන බවද අමාත්‍යවරයා නව සභාපතිවරයා පත්කිරීමේ ලිපියේ සඳහන් කර ඇත.
මිල්කෝ (පුද්ගලික) සමාගම ඉන්දීය සමාගමකට විකිණීමට ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් හිටපු මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය.