110 views 0 secs 0 comments

රාජ්‍ය සේවක වැඩ වර්ජනය…

In Local News
December 12, 2023

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවකයින් අද (12) අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩ වර්ජනයක නිරත වූ අතර ප්‍රදේශ රැසක රාජ්‍ය සේවකයින් එයට සමගාමීව විරෝධතාවල නිරතවී ඇති බව වාර්තා වේ.

මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබුනේ රුපියල් 20,000 ක අවම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීම, රාජ්‍ය සේවක වැටුපෙන් 8% කපා ගැනීම නතර කිරීම, අහිමි කර ඇති විශ්‍රාම වැටුප් ක්‍රමය යළි ක්‍රියාත්මක කරන ලෙස සහ යෝජිත රුපියල් 10,000/- දීමනාව ජනවාරි සිට ලබා දීම යන ඉල්ලිම් මුල් කර ගනිමිනි.