59 views 0 secs 0 comments

බලංගොඩ ප‍්‍රාදේශීය සභාපති ධුරය සඳහා නව පත්වීමක්….

In Local News
June 20, 2025

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙයට අනුව, පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා නව පත්වීමක් සිදු කර තිබේ.

බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න මහතා විසින් ගමඇතිගේ ආරියදාස මහතාව නව සභාපති ලෙස තෝරා පත්කර ඇත.

මෙම පත්වීම පිළිබඳව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.