185 views 1 sec 0 comments

අග්‍රාමාත්‍යතුමා ඉතාලියේ නිරත වන චාරිකාව….

In Local News
September 08, 2021

ඉතාලියේ අග්‍රාමාත්‍යතුමා සහ ඉතාලියේ හා අනෙකුත් යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් සහභාගී වන ජාත්‍යන්තර උත්සව අංගයකට සහභාගී වීම සඳහා අග්‍රමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා නොබෝ දිනකින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙහි සංචාරයක නිරත වීමට නියමිතය.

සැප්තැම්බර් 06 වැනි සඳුදින පැවති සාකච්ඡාවේ දී, විදේශ අමාත්‍යතුමා මෙම සැලසුම් කරන ලද සංචාරයේ පරමාර්ථය පිළිබඳව පැහැදිලිව විස්තර කළේය. යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකිරීමට නියමිතය.

කිසිදු අවස්ථාවක දී, උතුම් වූ පාප් වහන්සේ බැහැදැකීම පිණිස වතිකානුව වෙත යාම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් ඉල්ලීමක් කොට හෝ එවැනි ආරාධනයක් ලැබී හෝ නොමැත.

බොලොඤ්ඤා හි පැවැත්වෙන උත්සව අංගයන් අවසන් වූ පසුව, අග්‍රාමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා ඉතාලියෙන් පිටත්ව එනු ඇත.