232 views 1 sec 0 comments

ගුරු-විදුහල්පති වැටුප් ඉහළට…

In Local News
August 31, 2021

අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර ඇති පරිදි ගුරු-විදුහල්පති වැටුප් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

එම යෝජනාව එළඹෙන අයවැයෙන් අනතුරුව පියවර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වැටුප් විෂමතාවට එරෙහිව ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව ගුරු-විදුහල්පතිවරු ආරම්භ කළ වර්ජනයට අදට දින 50ක් ගතවේ.

ගැටලුවට විසඳුමක් නොමැති පසුබිමක ගුරු-විදුහල්පති සංගම් සමග සාකච්ඡා කර රජයට යෝජනා ඉදිරිපත් කිරීමට පසුගිය 09වනදා කැබිනට් අනුකමිටුවක් පත්කෙරුණි.

කෙසේවෙතත් අවස්ථා ගණනාවකදී කැබිනට් අනුකමිටුව ගුරු සංගම් සමග සාකච්ඡා කළ අතර අනතුරුව එම යෝජනා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.