
මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව හෙට (17) රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රථමයෙන් රංජිත් සියඹලාපිටියගෙන් හිස්වූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීම සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා මේ වනවිට මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් ඉදිරිපත්ව ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අජිත් රාජපක්ෂ සහ සමගි ජනබලවේගය නියෝජනය කරමින් රෝහිණී කවිරත්න මෙලෙස යෝජනාවී තිබෙනවා.
එසේම ජනාධිපතිවරයාට අප්‍රාසාදය පළ කෙරෙන යෝජනාව සම්මත කරගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ මෝසම සහ ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමද හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි.