232 views 0 secs 0 comments

“ජාතික ආරක්ෂක විද්‍යාලය” දැයට දායාද කරයි.

In Local News
November 12, 2021

අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින්“ජාතික ආරක්ෂක විද්‍යාලය” දැයට දායාද කෙරුනා..
ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරණ විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස්ම අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙය වේ. මෙහි ප්‍රථම පාඨමාලාව හෙට සිට 2022 අගෝස්තු මාසය දක්වා මාස 10ක කාලයක් පූර්ණ කාලීනව පැවැත්වේ. ඊට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු 27 දෙනෙක් සහ පොලීසියේ නිලධාරීහු 04 දෙනෙක් තෝරාගෙන සිටිති.
ජාතික අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපායමාර්ගික චින්තකයින් සහ නායකයින් බිහි කිරීම “ජාතික ආරක්ෂක විද්‍යාලයේ” මෙහෙවර ලෙස සැලකේ.