
අද (11) අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාට ඇතිවූ දණහිසේ ආබාධයක් නිසා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසනවා.වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු නැවත කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.