
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02.00ට 2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව වෙයි.
ඒ අනුව හෙට (13) සිට ලබන 22 වනදා දක්වා දින 07ක කාලයක් අයවැය දෙවනවර කියවිමේ විවාදය පැවැත්වීමට නියමිතය.