ගල්කිස්ස වෙරළ පාරේදී අද (මැයි 05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වන අතර, ඔවුන් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් මෙම තරුණයාට වෙඩි තබා තිබේ.
ඔහු තුවාල සහිතව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළද, ජීවිතය රැකගත නොහැකිව පසුව මියගොස් ඇත. මියගොස් ඇත්තේ දෙහිවල පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙය ගැටුම්මය පසුබිමක් ඇති ගැටලුවක් විය හැකි යැයි සැක කෙරේ.
