148 views 0 secs 0 comments

වැඩ වර්ජනය අවසන්…

In Local News
July 07, 2022

මහාමාර්ග අමාත්‍යංශයේදී ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් වර්ජනය අවසන් කර සාමාන්‍ය පරිදි ධාවන කටයුතුවලට එක්වීමට දුම්රිය වෘත්තීය සමිති එකඟ වී තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අදාළ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුවට සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් ලැබෙන බවත් ඉන්ධන අවශ්‍ය සියළුම දෙනාට ලබාදීමට එය ප්‍රමාණවත් නොවීමත් නිසා කෝටා ක්‍රමයකට අත්‍යවශ්‍ය අය සඳහා එම පෙට්‍රල් ලබාදීමට කටයුතු කරන බව මෙහිදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කර තිබෙනවා.