142 views 0 secs 0 comments

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

In Local News
July 07, 2022

සම්ප්‍රේශන නලයක සිදුවූ බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල හෙට (08) උදෑසන කාලය දක්වා ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. එමෙන්ම කොළඹ 01 ප්‍රදේශයේ අඩුපීඩන ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

හෙට උදෑසන 6.00 වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වනු ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.