Connect with us

Local News

ඉන්ධන පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් මරුට

Published

on

ඉන්ධන සඳහා පෝලිමේ රැඳී සිටියදී තවත් පුද්ගලයෙක් මිය යයි .ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ පයාගල ප්‍රදේශයේ ඉන්ධන ලබා ගැනීමේ පෝලිමේ සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බව ය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ජනාධිපතිවරයා සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානී අතර හමුවක්

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.

මෙම සාකච්ඡාවේදී සෞදි ආධාර මඟින් ක්‍රියාත්මක කරන වත්මන් ව්‍යාපෘතිවල ප්‍රගතිය, නව ව්‍යාපෘති අවස්ථා සහ ඩිජිටල්කරණය මත අවධානය යොමු කරන ආකාරය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු විය.

සෞදි සංවර්ධන අරමුදලේ ආධාර ජනතා අවශ්‍යතා අනුව යොදා ගැනීමටත්, ශ්‍රී ලංකාවට ලබාදුන් කොන්දේසි විරහිත සහායටත් ජනාධිපතිවරයා තුති පළ කළේය.

මෙම හමුවට ශ්‍රී ලංකා සහ සෞදි අරාබි නියෝජිතයින් පිරිසක්ද සහභාගි වූ අතර, රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක්ද එක්ව සිටියහ.

Continue Reading

Local News

රු. 3,000ක අල්ලස් මුදලක් ගැනූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

Published

on

By

රුපියල් 3,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රද්දොළුගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා, රථවාහන වරදක් සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රය නීතිමය ක්‍රියාවලියට අනුව නොව, රු. 3,000ක අල්ලස් මුදලක් ලබාගෙන ආපසු ලබා දී ඇති බව පැමිණිලිකරුගේ ප‍්‍රකාශයකින් අනාවරණය විය.

සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

Local News

වෙඩි තුවාලින් පීඩා විඳි භාතිය අවසන් සුසුම් හෙලයි….

Published

on

By

දින ගණනාවක් පුරා අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි පොල්පිතිගම භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ නිරීක්ෂණය සහ උපදෙස් මත විශේෂඥ කණ්ඩායමක් විසින් මහත් වෙහෙසකින් ප්‍රතිකාර සිදු කළද, හස්තියාගේ මාංශ පේෂි දියවී රුධිර සංසරණය බාධා වීමෙන් එය අසාර්ථක විය.

අවුරුදු 30–35 අතර වියේ පසුවූ, විශාලකායික හා සම්මත හැඩයෙන් යුතු භාතිය, මීට පෙරද වෙඩි ප්‍රහාර කිහිපයකට ලක්වී සිටි අතර, අලුත්ම වෙඩි තුවාලයන් නිසාද දැඩි වේදනාවෙන් පීඩාවට පත්විය. නිකවැරටිය හා මහව වනජීවි කලාපවලදී වෙඩිවීම් සිදුවී ඇති අතර, එමඟින් කනක් හා පාදයකට තුවාල වූ බව වාර්තා වේ.

පසුගිය සතියේදී වතුර වළක වැතිර සිටි භාතියට අද උදෑසන අවසන් වූයේ, රට පුරා රැඳී සිටි අවිහිංසකයින්ගේ දුකින් හා කණගාටුවෙන් යුතුවය.

Continue Reading

ප්‍රවණතාවන්