177 views 0 secs 0 comments

ලිබියානු වැසියන් තවදුරටත් විරෝධතාවයේ…

In World News
July 07, 2022

ඉහළ යන ජීවන වියදමට සහ දේශපාලන අස්ථාවරත්වයට විරෝධය පළ කරමින් ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ රැසක ජනතාව යළිත් වීදි බැස තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.

අඛණ්ඩ විදුලි කප්පාදුව, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම, සහ දේශපාලන අර්බුදයට වහා විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලිබියානු වැසියන් පසුගිය සතියේ ද විරෝධතාවල නිරතවිය.

පවතින සන්නද්ධ හමුදා ඉවත් කිරීම ද විරෝධතාකරුවන්ගේ තවත් එක් ඉල්ලීමකි.

උත්සන්න වූ විරෝධතා හමුවේ ප්‍රකෝපකාරි වූ පිරිස් පසුගිය සතියේ ලිබියාවේ නැගෙනහිර ටොබ්රුක් නගරයේ පාර්ලිමේන්තුවට කඩා වැදී එහි කොටසකට ගිනි තැබී ය.