206 views 0 secs 0 comments

අමෙරිකානු සහ ප්‍රංශ ජනපතිවරු අතර ගැටුමක්…?

In World News
October 30, 2021

අමෙරිකානු ජනාධිපති බයිඩ්න් සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර පැවති හමුවකදී බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇතිවූ ආරක්ෂක ගිවිසුම හේතුවෙන් තම රටට බිලියන ගණනක මුදලක් අහිමි වූ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර සිටියා.

රෝමයේ විලා බොනපාට්හි පිහිටි ප්‍රංශයේ වතිකානු තානාපති කාර්යාලයේ මෙම හමුව සිදුවූ අතර ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන නිෂ්පාදනය කිරීමට ගිවිසුම්ගතවීමෙන් පසු ප්‍රංශ සහ අමෙරිකානු ජනාධිපතිවරුන් අතර පැවති පළමු හමුව මෙය බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.