69 views 0 secs 0 comments

ඉරානයේ වරායේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 14ක්….

In World News
April 27, 2025

ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයේ පිහිටි ෂාහීන් රාජී වරායේ සිදුවූ දැඩි පිපිරීමෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 750කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, වරායේ පිපිරීමේ සද්දය කිලෝමීටර් 50ක් දක්වා දුරකට දැනී ඇත. වාර්තා අනුව, මෙයට පෙර වරායේ ගින්නක් ත්‍රිව්‍ර වර්ධනය වී, පසුව විශාල පිපිරීමකට හේතු වී ඇත.

ෂාහිඩ් රාජී වරාය ඉරානයේ විශාලතම හා වඩාත්ම සංවර්ධිත වරාය වන අතර, රටේ වාණිජ නැව් ගමනාගමනයේ වැඩිම කොටස මෙහිදී සිදුවේ.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ෂන කටයුතු හා ආරක්ෂක පියවර මොනවාද යන්න පිළිබඳව මෙතෙක් නිළ වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැත.