77 views 0 secs 0 comments

ගාලු කොටුවේ ගල් බැම්මෙන් ඇද වැටී සිසුවෙක් මරුට…

In Local News
April 27, 2025

ගාල්ල කොටුවේ ගල් බැම්මේදී සිදුවූ අනතුරකින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 21 හැවිරිදි ශිෂ්‍යයෙකු වූ ජනිත් ගමගේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් වාර්තා අනුව, ඔහු ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මිතුරන් සමඟ විනෝද වීම සඳහා ගාල්ල කොටුව පැමිණි අවස්ථාවේදී, ගල් බැම්මේ සිට මුහුදට පනිමින් ක්‍රීඩා කරන ස්ථානයෙන් ඇද වැටී මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ. ඇදවැටීමෙන් ඔහුට බරපතළ තුවාල සිදුවී, කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෘත ශරීරය ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර, ගාල්ල පොලීසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.