63 views 0 secs 0 comments

9 දෙනෙකුට දිවි අහිමි කල කැනඩාවේ වීථි සැණකෙළි අනතුර…

In World News
April 27, 2025

කැනඩාවේ වැන්කූවර් නුවර පැවති ලපු ලපු දින සැමරුම සඳහා පැවති වීථි සැණකෙළියකට මෝටර් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව පොලීසිය පවසා ඇති අතර, 30 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වැන්කූවර් නුවර පදිංචිකරුවෙකු වන බවද සඳහන්ය.

කැනඩාවේ අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මෙම මාරාන්තික සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.