
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් රුපියල් 200කට වඩා වැඩි අගයකින් පහත දමන බවත්, අදාළ නව මිල ගණන් ක්‍රියාත්මක වීම හෙට(08) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක කෙරෙන බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත් පිරීස් මහතා සඳහන් කර සිටියා.
එමෙන්ම ලිට්‍රෝ සමාගම වසර දෙක හමාරකට පසුව, ජූලි මාසයේ සිට ලාභ ලබමින් ඇතැයි ද, සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
ගෑස් මෙට්‍රික් ටොන් 3,800ක් රැගත් තවත් නෞකාවක් හෙට(08) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර අනිද්දා(09) උදෑසන සිට එම නෞකාවේ ගෑස් ගොඩබෑම ආරම්භ කරන බව ද සභාපතිවරයා සඳහන් කර සිටියා.