158 views 0 secs 0 comments

රුසියාවෙන් මෙරටට එන බොරතෙල්….

In Local News
August 13, 2022

බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් අද (13) රාත්‍රියේ මෙරටට ළඟා වන බවත්, එම බොරතෙල් තොගය පිරිපහදු කිරීමේ වැඩකටයුතු ලබන සතියේ මැද ආරම්භ කිරීමට නියමිත බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.

මෙම නෞකාවේ බොරතෙල් ප්‍රමිති පරීක්ෂාවක් හෙට දින සිදුවන අතර, මේ මස 23 සහ 29 අතර කාලයේ දී මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක බොරතෙල් ප්‍රමාණයක් රැගත් රුසියානු නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.