172 views 0 secs 0 comments

අනුරාධපුර – ඕමන්තේ දුම්රිය ධාවනය ලබන මාසයේ සිට යළි අරඹයි..

In Local News
June 16, 2023

මාර්ග අලුත්වැඩියාව සඳහා පසුගිය ජනවාරි මාසයේදී වසා දැමුණු
අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාසයේ යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ, කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

මේ යටතේ කිලෝ මීටර් 62 කින් යුත් දුරක් ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කළ අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 කි.

මාර්ගය ප්‍රතිසංස්කරණයත් සමග එම කොටසේ දුම්රිය ධාවනය පැයට කිලෝ මිටර් 100 ක වේගයෙන් ධාවනය කිරිමට හැකිවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.