අද (21) රාත්‍රියේ සිට දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් මගී දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න මහතා ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව දුම්රිය ධාවන කටයුතු 28 වනදා සිට යළි නියමිත පරිදි ආරම්භ කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
අද (21) රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවනු ලබන අතර, එය ලබන 25 වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වේ. නැවතත් මැයි මස 25 වන අඟහරුවාදා රාත්‍රී 11.00 සිට 28 වන දා අලුයම 4.00 දක්වා යළි සංචරණ සීමා ක්‍රියාත්මකය.
