147 views 4 secs 0 comments

නැවත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැරසෙන Air China…

In World News
June 27, 2023

චීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා Air China ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව චීනයේ සිචුආන් සිට කටුනායක දක්වා ගුවන් ගමන් වාර 3ක් සහ කටුනායක සිට චීනයේ සිචුආන් දක්වා ගුවන් ගමන් වාර 3ක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එළඹෙන ජුලි මස 03 වනදා සිට එම ගුවන් ගමන් ක්‍රියාත්මක වීමට නියමිත බව කටුනායක ගුවන්තොටුපොළ ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව චීනයේ සිචුආන් සිට ගමන් අරඹන Air China CA 425 දරණ ගුවන් යානය සතියේ සෑම දිනකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 08.55ට කටුනායකට ළඟාවීමට නියමිත අතර කටුනායක සිට ගමන් අරඹන Air China CA 426 දරණ ගුවන් යානය සතියේ සෑම දිනකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 10.15ට චීනයේ සිචුආන් වෙත ළඟාවීමට නියමිතය.