189 views 0 secs 0 comments

අගමැති සටනෙන් ඉවත් වූ බොරිස් ජොන්සන්…

In World News
October 24, 2022

කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා තමා ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පවසනවා.

තමන්ට කොන්සර්වේටිව් පක්ෂය තුළ බහුතරයක් ඇති නමුත් මෙම අවස්ථාවේ නායකත්වය හෝ අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන් තරඟ කිරීම සුදුසු නොවන බවට ඔහු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

ඒ අනුව එම පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනක් ඉදිරිපත්ව ඇති අතර ඔහු සඳහන් කරන්නේ, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ කාර්යය භාරය සම්බන්ධයෙන් ඔහුට කෘතඥ වන බවයි.