309 views 0 secs 0 comments

රිචඩ් බ්‍රැන්සන්ගේ අභ්‍යවකාශ ගමන….

In Tech, World News
July 12, 2021

එක්සත් රාජධානියේ ව්‍යාපාරිකයෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඉලක්කයක්ව තිබූ අභ්‍යවකාශයේ අද්දරට පියාසර කිරීම සාර්ථකව සපුරා ගැනීමට සමත් වී තිබෙනවා.

ඔහුගේ රොකට් යානය පැය එකහාමාරක මෙහෙයුමක් සඳහා පිටත්ව ගිය අතර එහිදී පෘථිවියේ ක්ෂිතජය හරහා වක්‍රාකාරව ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු පවසන්නේ පාර්භෝගිකයන්ට මේ අත්දැකීම ලබා ගැනීමට පෙර තමන්ට අත්දැකීමක් ලබා ගැනීමට අවශ්‍යව තිබූ බවයි.

ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් සමඟ තවත් කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු මේ සඳහා එක්වී තිබෙනවා.