ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බවය.
