237 views 0 secs 0 comments

ඉන්දීය කොවිඩ් මරණ ගණන ඉහලට….

In World News
July 02, 2021

ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 400,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වීමත් සමඟ එරට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

මේ වනවිට කොවිඩ් මරණ ගණන අනුව ඉන්දියාව තෙවැනි ස්ථානයේ පසුවේ. අමෙරිකාව සහ බ්‍රසීලය ද කොවිඩ් මරණ අතුරින් පළමු සහ දෙවැනි ස්ථාන වල පසුවේ.

අමෙරිකාවෙන් කොවිඩ් මරණ 605,000ක් වාර්තා වී ඇති අතර වාර්තා බ්‍රසීලයෙන් කොවිඩ් මරණ 520,000ක් වාර්තා වී ඇත.

ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන මිලියන 30 ඉක්මවා තිබේ. අමෙරිකාව වාර්තා කර ඇති කොවිඩ් ආසාදිතයින් ගණන මිලියන 33.7කි.