49 views 0 secs 0 comments

මුම්බායි අයහපත් කාලගුණයෙන් ජන ජීවිත අඩාල වෙයි….

In World News
August 20, 2025

ඉන්දියාවේ මුම්බායි නගරයේ අඛණ්ඩ තද වැසි හේතුවෙන් මිලියන ගණනක ජන ජීවිතයට දැඩි බලපෑම් සිදු වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව නගරයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති අතර ගුවන්ගමන් සහ දුම්රිය සේවා අත්හිටුවීමටද සිදුවී ඇත.

මුම්බායි සහ අසල්වැසි දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ගත වූ දින හතර තුළ මුම්බායි නගරයට මිලිමීටර් 800ක වර්ෂාපතනය ලැබී ඇති අතර, එය සාමාන්‍ය මසකට වඩා අධික වර්ෂාවකි.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී තත්ත්වය යහපත් වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළින් පසුගිය දින හතර ඇතුළත පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.