Connect with us

Local News

ගාලුමුවදොර පිටියේ යාචකයින් ගැන තීරණයක්….

Published

on

කොළඹ ගාලුමුවදොර පිටියේ සිටින යාචකයින් හම්බන්තොට රිදියගම සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ගාලුමුවදොර පිටියේ යාචකයින් විසින් මහජනතාවට හිරිහැර කරන බවට ලැබුණු පැමිණිලි මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගාලුමුවදොර පිටියේ යාචකයින් 150 දෙනෙකු පමණ දෙස් විදෙස් සංචාරකයින් ඇතුළු මහජනතාව අපහසුතාවට පත් කරන බවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අනාවරණය කළේය.

මෙම ඒකාබද්ධ මුලපිරීම අධීක්ෂණය කරන ලෙස අමාත්‍යාංශය ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ ශ්‍රී ලංකා පොලිසියට උපදෙස් දී ඇති අතර, ආයතනික සමාජ වගකීම් (CSR) මුල පිරීම් යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන් කරන ලෙස වරාය අධිකාරියට සහ අනුබද්ධ ආයතනවලට ද උපදෙස් ලබා දී ඇත. පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මාරු කෙරෙන යාචකයින් සඳහා නවාතැන්, ආහාර සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් මෙම මුදලින් ලබා දෙන බවද නිමල් සිරිපාල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට…..

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) පස්වරුවේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුව සිදුකළ බව සොයාබැලේ.

ඒ මහතා පෙර අත්අඩංගුවට ගැනීම වළක්වා ඇප මත මුදා හැරීමට ඉල්ලා අයදුම්පතක් ගොනු කළද, අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ එය ප්‍රතික්ෂේප කරන ලදී.

Continue Reading

Local News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධිකරණයෙන් නොතීසි

Published

on

By

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (20) නොතීසි නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසිනි.

අල්ලස් කොමිසම විසින් ගොනු කළ මෝසමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තියට අනුව මෙම නොතීසි නිකුත් කරන ලදි.

Continue Reading

Local News

රත්නපුර මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා සංඛ මාපිටිගම

Published

on

By

රත්නපුර මහ සමන් දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා ලෙස සංඛ මාපිටිගම මහතා අද (20) තේරීපත් වී ඇත.

මෙය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව සිදු විය.

Continue Reading

ප්‍රවණතාවන්