හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන වෛද්‍ය පී.එම්.බී සිරිල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහුගේ රියදුරා සමග නිවසේ පිටතින් සවිකර ඇති විදුලි සෝපානයෙන් තුනවන මහලේ අලුත්වැඩියා කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගමන් කරන අතරවාරයේ විදුලි සෝපානය කඩා වැටී බරපතළ තුවාල ලබා තිබෙනවා. ඉන් අනතුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මියයන විට ඒ මහතා 89 හැවිරිදි වියේ පසුවුණි.
අනතුරින් තුවාල ලැබු සිරිල් මහතාගේ රියදුරුවරයා ද බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
