Connect with us

Local News

අද දින සේව සැපයීම කලින් වේලාවක් වෙන් කර ගත් අයට පමණයි – ආගමන විගමන දෙපාර්තමේන්තුව.

Published

on

අද රජයේ විශේෂ නිවාඩු දිනයක් වීම හේතුවෙන්, ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (19) දිනයේ, කලින් දින සහ වේලාවන් වෙන්කරගත් පුද්ගලයින් වෙනුවෙන් පමණක් සේවා සපයන බව ප්‍රකාශ කර සිටියා.

කලින් වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන් වෙනුවෙන් ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලවල, එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සැපයෙන අනෙකුත් සේවා සිදුනොවනු ඇති.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය සංකේත වැඩවර්ජනයක…

Published

on

By

වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අද (28) සහ හෙට (29) සංකේත වැඩවර්ජනයක නිරත වෙයි.

පවතින ආර්ථික වාතාවරණය තුළ වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා, විශ්වවිද්‍යාල අධ්‍යන අනධ්‍යන සේවකයින් පසුගිය කාලයේ විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගයන්වල නිරත විය.

කෙසේ වෙතත් පසුගියදා විශ්වවිද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලවලට පමණක් අධ්‍යන දීමනා වැඩි කිරීමට රජය පියවර ගත්තේ ය.

Continue Reading

Local News

ගාසා හි ළමා අරමුදලට කාගිල්ස් වෙතින් මුදල් පරිත්‍යාගයක්…

Published

on

By

කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පේජ් මහතා විසින් “ගාසා හි ළමා අරමුදල” සඳහා රුපියල් මිලියන 3ක මුදලක් පරිත්‍යාග කළ අතර ඊට අදාළ චෙක්පත මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම සිදුවිය.

Continue Reading

Local News

ආගම්වාදය සහ ජාතිවාදය බැහැර කළ යුතුයි – ජනපති

Published

on

By

එකිනෙකට බැඳී පවතින ආගම්වාදය සහ ජාතිවාදය බැහැර කළ යුතු බවත්, ඓතිහාසික වශයෙන් ගැටුම්වලට තුඩු දුන් ජාතිවාදය මෙන්ම දේශපාලන හා ආගමික වාසි සඳහා යොදාගත් ආගම්වාදය පසෙකලා, සංහිඳියාව තුළින් සංවර්ධනයක් ඇති කිරීමට රජය කැපවී සිටින බවත් “සංහිඳියාව සඳහා ආගම්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය

Continue Reading

ප්‍රවණතාවන්