176 views 0 secs 0 comments

ගෑස් තොගයක් අද දිවයිනට….

In Local News
March 25, 2022

ගෑස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නෞකාවක් අද(25) මෙරටට සේන්දුවන බවත්, එම ගෑස් තොගය හැකි ඉක්මණින් වෙළෙඳපොළට නිකුත් කරන බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති, තේෂාර ජයසිංහ මහතා සඳහන් කර සිටිය.

මේ අතර ගෑස් ටොන් 2,000ක තොගයක් මේ වනවිට හම්බන්තොට වරාය තුළ පවතින බව ලාෆ්ස් සමාගම සඳහන් කරයි. එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කළේ, ඉන් දිනකට ගෑස් සිලින්ඩර් 4000ත් 5000 ත් අතර තොගයක් වෙළෙඳපොළට නිකුත් කරන බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් රෝහල් , කර්මාන්ත ශාලා සහ ආපනශාලා වෙත බෙදාහැරීමට ප්‍රමුඛතාව ලබාදෙන බවය.