
කොවිඩ් ආසාදිත බවට සැකසහිත පුද්ගලයෙකුගේ නිවසකට ගිය නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ඊයේ (03) කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
ඔහු 48 හැවිරිදි පුද්ගලයෙකු වන අදාළ පුද්ගලයා පසුව ගිරිඋල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.