203 views 0 secs 0 comments

අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් ගිලිහෙයි…

In Sports
August 03, 2021

අශ්වාරෝහක ක්‍රීඩා ඉසව්වක් වන ශෝ ජම්පින් සඳහා ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැතිල්ඩා කාර්ල්සන් අද (03) ටෝකියෝ ඔලිම්පික් තඟ බිමට සිය ධාවන අසු චොපින් සමගින් ඉදිරිපත් විය.

හොඳ ආරම්භයක් ලබාගත්තත් චොපින් අතරමගදී නියමිත බාධක අබිබවා යෑමට අසමත්වීම හේතුවෙන් මැතිල්ඩාට සුදුසුකම් ලබා ගැනීමේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවිණි.

ශ්‍රී ලංකාවේ මහනුවර උපත ලැබු මැතිල්ඩාට මාස 3ක් වනවිට ඇයව හදාවඩා ගැනීම සඳහා ස්වීඩනයේ යුවලකට ලබාදී තිබීම හේතුවෙන් ඇය ඇතිදැඩි වූයේ ස්වීඩනයේය.

මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන ඇය 2018 වසර වනතුරු ක්‍රීඩා කළේ ස්වීඩනය නියෝජනය කරමින්ය.