193 views 3 secs 0 comments

වසර 30 කට පසු ශ්‍රී ලංකා පිලට විශිෂ්ඨ ජයක්…

In Sports
June 22, 2022

ඊයේ (21) සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ පැවැත් වූ සිව්වන එක්දින තරඟයෙන් ලකුණු 04 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 258 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වූ චරිත් අසලංක ලකුණු 110 ක් ලබාගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 60 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Matthew Kuhnemann, Pat Cummins,Mitchell Marsh කඩුලු දෙක බැඟින් බඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 50 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 254 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා හා ජෙෆ්රි වෙන්ඩෙසේ කඩුලු 2 බැඟින් බිඳහෙළීමට සමත් වුණා.

ඒ අනුව තරඟ පහකින් සමන්විත ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය තරඟ 3 ට 1 ක් ලෙස තරඟයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටේ දී ඔස්ට්‍රේලියානු පිල එක්දින තරගාවලියකින් පරාජය කිරීමට සමත්ව ඇත්තේ 1992 වසරේදී වන අතර වසර 30 කට පසුයි මෙම ජයග්‍රහණය වාර්තා කරන්නේ.