1 views 0 secs 0 comments

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම් තුනකින් දිවයිනට ගෞරවයක්

In Sports
October 26, 2025

ඉන්දියාවේ රංචි නුවර පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තුන්දෙනෙක් රන් පදක්කම් හිමිකර ගනිමින් දීප්තිමත් කාර්ය සාධනයක් දක්වීය.

හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ මීටර් 60.14 ක් විසි කරමින් රන් පදක්කම දිනාගත් අතර, කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් මීටර් 6.23 ක දුරක් පනිමින් රන් පදක්කම දිනා ගත්තාය.

ඒ අතර, කාන්තා මීටර් 200 ඉසව්වේ සෆියා යාමික් තත්පර 23.58 ක විශිෂ්ට කාලයක් සමඟින් රන් පදක්කම දිනාගනිමින් නව තරග වාර්තාවක් පිහිටුවීය. එහිදී ඇය බිඳ හෙළනු ලැබුවේ 1998 දී ඉන්දියාවේ ඵ්.ඨ්. ඌෂා පිහිටුවා තිබූ වාර්තාවය.

සෆියා යාමික් මීටර් 100 කාන්තා දිවීමේ රන් පදක්කම (තත්පර 11.53) සහ කාන්තා 4×100 සහාය දිවීමේ රන් පදක්කමද පෙර දිනාගෙන සිටියි. එම අනුව ඇය ත්‍රිත්ව රන් පදක්කම් හිමිකර ගනිමින් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස තෙරුණාය.