2 views 9 secs 0 comments

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගත් ළහිරු අචින්ත ජනපතිගෙන් කල ඉල්ලීම…

In Sports
October 26, 2025

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඉතිහාසයෙහි ශ්‍රී ලංකාව සඳහා පළමු රන් පදක්කම දිනාගත් ළහිරු අචින්ත ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඔහු තම Fඅcඑබූක් පිටුවේ සටහනක් තබමින්, තම පුහුණුකරු චමිල් බෝතොටා මහතා ආපසු තම වෙත ගෙන්වා ගැනීමට සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

තම සටහනේදී ඔහු මේ බව සඳහන් කර තිබේ:

උපුටා ගැනීම
“මේක මගේ අහිංසක ඉල්ලීමක්..🥺 ජනාධිපති තුමණි මම මගේ Coach ලඟ නැතුව තනියෙන් Training කළේ. මම මගේ Timing බලන්නේ තනියම. Training කළේ තනියම, ඒවා කවුරුත් දන්නේ නැති දේවල්, මගේ Coach චමිල් බෝතොට සර්ව Chamil Bothota අදට අවුරුදු 1 හමාරක් විතර මගෙ ඇස් දෙකට තාම දැකලා නෑ කෝල් කරලා Training වලට Help කරනවා විතරයි. මන් තනියෙම Coach ලග නැතුව Training කරලා තමයි Asian Record එකක් තියලා Gold Medal එකක් දිනුවේ. ළමයි වෙනුවෙන් වැඩ කරන්න ගිහින් මගේ සර්ට ඇති වුණ මරණ තර්ජන නිසා සර් සහ සර්ගෙ මුළු පවුලම ඉන්නේ හැංගිලා. ගරු ජනාධිපති තුමණි මගේ Coach චමිල් බෝතොට සර්ව මගේ ලගට ගෙනත් දෙන්න, මගේ පුහුණවීම් කරගන්න. සර් ළඟ හිටියොත් 2028 ඔලිම්පික් පදක්කමක් මම ලංකාවට ගේන්න පුළුවන් ❤️‍🔥 “ජනාධිපති තුමණි මේක මගේ අහිංසක ඉල්ලීමක් 😭”
උපුටා ගැනීම අවසන්.

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී, පසුගිය 23 වනදා පිරිමි මීටර් 1500 ඉසව්වේඅදී ලහිරු අචින්ත විනාඩි 3.57.42ක කාලයක් ගත කරමින් රන් පදක්කම දිනාගත්තේය.

රිදී පදක්කම චීනයේ ක්‍රීඩකයෙකු විසින් 3.58.73 කාලයක් ගත කර දිනාගත් අතර, ලෝකඩ පදක්කම හොංකොං ක්‍රීඩකයෙකුට 4.05.09 කාලයකින් හිමිවිය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවක් සඳහා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඉතිහාසයේ ලැබුණු පළමු රන් පදක්කම ලෙස සටහන් විය.