කෘතහස්ත බොලිවුඩ් නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඔහු මුම්බායි නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති අතර, මියයන විට ඔහුගේ වයස 74ක් වූ බව සඳහන් වේ.
දිගු කාලයක වකුගඩු රෝගයකින් පීඩා විඳිමින් සිටි සතිෂ් ෂා, තම පන්දු දශකයකට ආසන්න රංගන ජීවිතයේදී “ජානේ භී දෝ යාරෝ”, “මේ හූ නා”, “ඕම් ශාන්ති ඕම්” වැනි ප්‍රසිද්ධ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය 250කට වැඩි සංඛ්‍යාවකට දායක වී තිබේ.
