
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය සාජා හිදී අද(30) පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතය.
සුපිරි වටයේ පළමු කාණ්ඩය යටතේ තරගවදින ශ්‍රී ලංකාව මේ දක්වා තරග දෙකකට සහභාගී වී ඉන් එක් තරගයක් ජයගෙන ලකුණු සටහනේ සිව්වන ස්ථානයේද, දකුණු අප්‍රිකානු කණ්ඩායම සහභාගී වූ තරග දෙකෙන් එක් තරගයක් ජයගෙන දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ලකුණු සටහනේ තෙවන ස්ථානයට ද පත්ව සිටී.
පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ද අද රාත්‍රී 7.30ට ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය.