4 views 2 secs 0 comments

බහරේන් ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ගොල්ෆ් ක්‍රීඩිකාව ලෝකඩ පදක්කමක් දිනාගනී…

In Sports
October 27, 2025

බහරේන්හිදී පැවැත්වෙන තෙවන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට (Asian Youth Games Bahrain 2025) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයා දළුවත්ත ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ඇය තම තරඟ ඉසව්ව සාර්ථකව නිමා කරමින් අද (27) ශ්‍රී ලංකාවට පැමිණියාය.

ඇයව පිළිගැනීම සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණයට ස්තූතිය පළ කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියාහ.