1 views 0 secs 0 comments

බහරේන්හි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගනී…

In Sports
October 26, 2025

බහරේන්හි පැවැත්වෙන 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විශිෂ්ට කාර්ය සාධනයක් දක්වමින් රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තාය.

කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් දිල්නි රාජපක්ෂ මීටර් 12.31 ක පැනීමක් සමඟින් ලෝකඩ පදක්කම දිනා ගනිමින් ඇගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කළාය. එම ඉසව්වේ රන් පදක්කම චීන ක්‍රීඩිකාවක් මීටර් 13.28 ක දක්ෂතාවයකින් ද, රිදී පදක්කම චීන තායිපේ ක්‍රීඩිකාවක් මීටර් 12.36 ක දක්ෂතාවයකින් දිනා ගත්තාය.

අපේ පිරිමි මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමද විශිෂ්ට කාර්ය සාධනයක් දක්වමින් රිදී පදක්කම දිනාගත්තාය.
නිරුදක විශාල්, බිඟුමිනා ආදිත්‍ය, ශානුක කොස්තා සහ චමිඳු සත්සර යන ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම මිනිත්තු 1 තත්පර 52.82 ක කාලයකින් ඉසව්ව අවසන් කළ අතර එය ඔවුන්ගේ පෞද්ගලික හොඳම කාලය ලෙසද සටහන් විය.

ඒ අතර, එම ඉසව්වේ රන් පදක්කම චීනය මිනිත්තු 1 තත්පර 52.80 ක කාලයකින් දිනාගත් අතර, චීන තායිපේ කණ්ඩායම ලෝකඩ පදක්කමට හිමිකම් දැරීය.