ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම අද (04) දිවයිනට පැමිණ තිබේ.
එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වීමට නියමිත අතර සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
