133 views 0 secs 0 comments

2023 වර්ෂයේ උසස් පෙළ ඇරඹේ…

In Local News
January 04, 2024

2023 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගය අදින් (04) ආරම්භ වූ අතර විභාග මධ්‍යස්ථාන 2,298 කදී අපේක්ෂකයන් 346,976ක් මෙවර විභාගයට පෙනී සිටින බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා ප්‍රකාශ කර සිටියා.

විභාගය ලබන 31 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති බව ද නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.

අධික වර්ෂාවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථානයක් ඇති බවද වාර්තා වේ.