148 views 0 secs 0 comments

දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස්වරිය පත් කෙරේ…

In Uncategorized
January 03, 2024

දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ 36වන නව කොමසාරිස් ජනරාල් ලෙස ඩබ්. ඒ සේපාලික චන්ද්‍රසේකර මහත්මිය පත් කර තිබේ.

1993.01.01 දින දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ තක්සේරුකරු ලෙස එක් වූ එම මහත්මිය එතැන් සිට වසර 31 ක තුළ, ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු, නියෝජ්‍ය කොමසාරිස්, කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්, නියෝජ්‍ය කොමසාරිස් ජනරල් යන තනතුරු වල සේවයකොට ඇති අතර බදුකරණය, ගිණුම්කරණය හා පරිපාලනය පිළිබඳව මනා කුසලතාවයක් හා නිපුණතාවයක් ලබා ගෙන තිබේ.