194 views 0 secs 0 comments

සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

In Local News
October 20, 2022

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් හේතුවෙන් සෙනසුරාදා (22) රාත්‍රී 10.00 සිට ඉරිදා (23) දහවල් 12.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ප්‍රකාශ කර සිටියා.

කොළඹ 2, 3, 4, 5, 7, 8, 9 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර එමගින් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කරන අතර ප්‍රමාණවත් තරම් ජලය කල්තියා රැස් කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටියි.